මෙහෙයුම් පුවත්

දකුණු මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 20 ක් පමණ (කිලෝ මීටර් 37 ක් පමණ) ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරිමට නාවික හමුදාව 2023 අගෝස්තු මස 01 වන දින කටයුතු කරන ලදී.

02 Aug 2023

වත්තල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදා සහය

වත්තල, පල්ලිය පාර ප්‍රදේශයේ නිවසක අද දින (2023 අගෝස්තු 01) අළුයම් කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

01 Aug 2023

වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 51 ක් යාපනය අරියාලෛ වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, අරියාලෛ ප්‍රදේශයෙහි 2023 ජුලි මස 29 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, අරියාලෛ වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 51 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Jul 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 03 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 27 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01), කිලෝග්‍රෑම් එකසිය පහක (105) පමණ මසුන් තොගයක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Jul 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 19 ක් නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 25 වන දින සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහනව දෙනෙකු (19) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jul 2023

මුව මස් කිලෝ ග්‍රෑම් 24 කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 03 ක් පානම දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පානම ශාස්ත්‍රවේලි ප්‍රදේශයේ 2023 ජුලි මස 25 වන දින සිදු කල මුර සංචාරයකදී මුව මස් කිලෝ 24 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

26 Jul 2023

බීඩි කොළ කිලෝග්‍රෑම් 606 ක පමණ තොගයක් කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කළපුවට අයත් මට්ටතිව් දූපත ආශ්‍රිතව 2023 ජුලි මස 24 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 606 ක (තෙත බර සහිත) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Jul 2023

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 24 වන දින රාත්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් නව දෙනෙකු (09) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Jul 2023

රුපියල් මිලියන 28 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කුඩඉරිප්පු මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 23 වන දින සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Jul 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු සහ වෙත්තලකේනි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 21 සහ 22 යන දිනයන්හි සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ ඩිංගි යාත්‍රා එකොළහක් (11) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Jul 2023