මෙහෙයුම් පුවත්

වව්නියාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

වව්නියාව, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ කොහු මෝලක 2023 ජුලි මස 21 වන දින රාත්‍රී කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමේ සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

22 Jul 2023

රුපියල් මිලියන 11 කට අධික දළ වීථී වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් යාපන‍යේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාමුනෙයි ප්‍රදේශයේ අද දින (2023 ජුලි 19) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස්පහකට (35) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Jul 2023

බීඩි කොළ කිලෝග්‍රෑම් 557 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02 ක් මීගමුව කළපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ 2023 ජුලි මස 18 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස්හතකට (557) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

19 Jul 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 16 ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු, නගර්කෝවිල් සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 16 සහ 17 යන දිනයන්හි සිදු කල විශේෂ සේදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ වලංගු බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු සිදු කල සහ තහනම් දැල් හා නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සහ ඩිංගි යාත්‍රා හතරක් (04), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Jul 2023

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, පෙරිය අරිච්චාල් දූපත් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 14 වන දින රාත්‍රී කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය තිහක (530) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

15 Jul 2023

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ රැගෙන ගිය සැකකරුවෙකු වත්තලදී නීතීයේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කඳාන පොලිසිය හා එක්ව 2023 ජුලි මස 13 වන දින වත්තල, කෙරවලපිටිය බලාගාරය අසල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබූ Pregabalin Capsules 150 mg වර්ගයේ ඖෂධ පෙති තුන්සියයක (300) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

14 Jul 2023

නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කල රත්‍රං කිලෝග්‍රෑම් 08 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) කල්පිටිය කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 ජුලි 12) අළුයම් කාලයේ කල්පිටිය, වන්නිමුන්දලම කළපු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කල රත්‍රං කිලෝ 08 ග්‍රෑම් 450 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2023

දකුණු මුහුදේදී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ (කිලෝ මීටර් 798 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අනතුරක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගොඩබිමට රැගෙනවිත්, ප්‍රතිකාර සඳහා කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව අද දින (2023 ජුලි 11) කටයුතු කෙරිණි.

12 Jul 2023

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය චලෛයි, චුන්ඩිකුලම් සහ මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි 2023 ජුලි මස 07 සහ 08 යන දිනයන්හී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ නීති විරෝධී ‍ලෙස දියයට විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දොළොස් දෙනෙකු (12), මුහුදු කූඩැල්ලන් එක්දහස් අටසීය හැත්තෑවක (1870) ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

09 Jul 2023

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව හා එක්ව 2023 ජුලි මස 08 වන දින රාත්‍රියේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් පහළොස් දෙනෙකු (15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

09 Jul 2023