මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 ක් මන්නාර‍මේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, සිලාවතුර හා වංකාලේ මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 13 වන දින අළුයම් කාලයේ සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් 814 ක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Mar 2023

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1128 කට අධික තොගයක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, මුක්කුතොඩුවාව වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු 13 වන දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1128 කට අධික තොගයක් රැගත් ලොරි රථයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙ‍රිණි.

14 Mar 2023

නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය, නිලාවේලී ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 12 වන දින අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Mar 2023

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය බහුදින ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද දින (2023 මාර්තු 12) අළුයම වෙත්තලකේණි ප්‍රදේශයට ඊසාන දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දහසය දෙනෙකු (16) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Mar 2023

යාපනය මාදගල් ප්‍රදේශයේදී රුපියල් මිලියන 41 කට අධික විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 10 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී එම වෙරළ ප්‍රදේශයේ තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Mar 2023

නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් කොඩ්බේ ධීවර වරාය වෙත නිරුපද්‍රිතව ඇදගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (MRCC - Colombo) සම්බන්ධීකරණයෙන්, සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ (කිලෝ මීටර් 100 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධිවරයින් හය දෙනෙක් (06) සමඟ එම බහුදින ධිවර යාත්‍රාව නිරුපද්‍රිතව කොඩ්බේ ධීවර වරාය වෙත ඇදගෙන ඒමට අද දින (2023 මාර්තු 10) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

10 Mar 2023

කේරළ ගංජා කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03 ක් තලෙයිමන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, තලෙයිමන්නාරම, පැරණි ජැටිය ප්‍රදේශයේ 2023 මාර්තු මස 09 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 කට අධික ප්‍රමාණයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

10 Mar 2023

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් නොරෙච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, නොරෙච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ 2023 මාර්තු මස 07 වන දින අළුයම් කාලයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 400 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Mar 2023

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද භාණ්ඩ ‍තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද බවට සැක කෙරෙන භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Mar 2023

කේරළ ගංජා කිලෝ 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම, පල්ලෙමුනේ ප්‍රදේශයේ 2023 මාර්තු මස 03 වන දින සන්ද්‍යා කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

04 Mar 2023