මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජනවාරි 05 වන දින වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) හා ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jan 2021
බටහිර මුහුදේ නාවික හමුදා මෙහෙයුමකින් රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජනවාරි 04) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Jan 2021
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 (Crystal Methamphetamine), හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Jan 2021
අනවසරයෙන් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 04 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට
කේරළ ගංජා කිලෝ 39 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 14 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05), ඉන්දීය ජාතිකයින් 36 ක් සහ ධීවර ආම්පන්න අද (2020 දෙසැම්බර් 15) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
15 Dec 2020