මෙහෙයුම් පුවත්

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 පෙබරවාරි මස 03 වන දින උදෑසන කාලයේ යාපනය, පුන්කුඩුතිව් කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑමයකට (01) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

04 Feb 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ‍පෙබරවාරි මස 03 වන දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනෙකු (23) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

04 Feb 2024

අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුදවාගැනේ

අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රථිපලයක් වශයෙන්, ෂීසෙල්ස් වෙරළාරක්‍ෂක බලකාය විසින් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අද දින (2024 ජනවාරි 29) මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත්විය.

30 Jan 2024

අක්‍රිය වූ ගලමැඩියාව වැවේ ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කර යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ පිහිටි ගලමැඩියාව ‍වැවේ අක්‍රිය තත්වයේ පැවති ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කිරීම සඳහා 2024 ජනවාරි මස 27 වන දින නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

28 Jan 2024

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 ක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 ජනවාරි මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් එක්දහස් අටසිය පනස් හයක (1856) පමණ තොගයක් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jan 2024

කල්පිටිය මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී 2024 ජනවාරි මස 23 වන දින රාත්‍රී කාලයේ සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය විස්සකට (520) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

24 Jan 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 22 වන දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

23 Jan 2024

රුපියල් මිලියන 1626 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65 කට අධික තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100 ක් පමණ (කිලෝමීටර් 185 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැට පහකට (65) අධික තොගයක් (ඇසුරුම් බර සහිත) සහිත උර තුනක් (03) ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සහ ඊට සහය වූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් එකොළොස් දෙනෙකු (11) අද දින (2024 ජනවාරි 20) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

20 Jan 2024

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 14163 ක් ගබඩා කර සිටි පුද්ගලයින් 03 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2024 ජනවාරි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් දාහතර දහස් එකසිය හැට තුනක (14163) පමණ තොගයක් ගබඩා කර සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

18 Jan 2024

නාවික හමුදාව මඟින් ගාල්ල දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 17 වන දින ක්‍රියාත්මක කෙරිණි.

18 Jan 2024