මෙහෙයුම් පුවත්

රුපියල් මිලියන 14 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ අද දින උදෑසන (2023 දෙසැම්බර් 24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් පහකට (35) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Dec 2023

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක පමණ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍නොරොච්චෝලේ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 23 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් නවසිය පනස් පහක (1955) පමණ තොගයක් රැගත් ලොරි රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Dec 2023

නාවික හමුදාව මඟින් යක්කලමුල්ල කනපේරිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පොල්අතු ගඟ හරහා ඉදි කර ඇති කනපේරිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 20 සහ 21 දෙදින ක්‍රියාත්මක කෙරිණි.

23 Dec 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 19 වන දින කල්පිටිය, බත්තලංගුන්ඩුව සහ උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03), මුහුදු කූඩැල්ලන් එක්දහස් නවසිය අනු පහක (1995) පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Dec 2023

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය බලකාවල ප්‍රදේශය වෙත 2023 දෙසැම්බර් මස 12 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

19 Dec 2023

අක්‍රිය වූ පේර ආරු ජලාශයේ ජලය බැහැර කිරීමේ දොරටු පිළිසකර කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පේරාරුකුලම් ප්‍රදේශයේ පිහිටි පේර ආරු ජලාශයට එකතු වන අමතර වැසි ජලය ගලා යාම සඳහා ජලාශයේ අක්‍රිය තත්වයේ පැවති දොරටු පිළිසකර කිරීම සඳහා 2023 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

18 Dec 2023

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස17 වන දින කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Dec 2023

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මුහුදු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 17) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසිය හතළිස් තුනකට (1143) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

17 Dec 2023

නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 04 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මුහුදු ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 16 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් අටසිය අටකට (808) අධික තොගයක් සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Dec 2023

මත්පෙති 2820 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුර ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 දෙසැම්බර් මස 15 වන දින සිලාවතුර කල්ලාරු මාර්ග බාධකය අසල සහ අච්චානකුලම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි, මත්පෙති (Pregabalin Capsules) දෙදහස් අටසිය විස්සක (2820) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

16 Dec 2023