මෙහෙයුම් පුවත්

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2024 ජනාවරි 01 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

02 Jan 2024

නීති විරෝධීව මුහුදු මඟින් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට තැත් කල ශ්‍රී ලාංකිකයන් 14 ක් ගුවන් මඟින් නැවත ශ්‍රීලංකාව වෙත පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් දහහතර දෙනෙකු (14), 2023 දෙසැම්බර් මස 22 වන දින ගුවන් මඟින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

25 Dec 2023

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 03 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, 2023 දෙසැම්බර් 23 වන දින වන විටත් එම සහන කණ්ඩායම් ගංවතුරෙන් පීඩාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

25 Dec 2023

රුපියල් මිලියන 14 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි වෙරළ ප්‍රදේශයේ අද දින උදෑසන (2023 දෙසැම්බර් 24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම වෙරළ ප්‍රදේශයට පාවී ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් පහකට (35) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Dec 2023

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1955 ක පමණ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍නොරොච්චෝලේ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 23 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් නවසිය පනස් පහක (1955) පමණ තොගයක් රැගත් ලොරි රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Dec 2023

නාවික හමුදාව මඟින් යක්කලමුල්ල කනපේරිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පොල්අතු ගඟ හරහා ඉදි කර ඇති කනපේරිය පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 20 සහ 21 දෙදින ක්‍රියාත්මක කෙරිණි.

23 Dec 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 19 වන දින කල්පිටිය, බත්තලංගුන්ඩුව සහ උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03), මුහුදු කූඩැල්ලන් එක්දහස් නවසිය අනු පහක (1995) පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Dec 2023

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය බලකාවල ප්‍රදේශය වෙත 2023 දෙසැම්බර් මස 12 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

19 Dec 2023

අක්‍රිය වූ පේර ආරු ජලාශයේ ජලය බැහැර කිරීමේ දොරටු පිළිසකර කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පේරාරුකුලම් ප්‍රදේශයේ පිහිටි පේර ආරු ජලාශයට එකතු වන අමතර වැසි ජලය ගලා යාම සඳහා ජලාශයේ අක්‍රිය තත්වයේ පැවති දොරටු පිළිසකර කිරීම සඳහා 2023 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

18 Dec 2023

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස17 වන දින කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දහහතර දෙනෙකු (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Dec 2023