මෙහෙයුම් පුවත්

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 07) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

07 Dec 2023

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 06 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ කන්කසන්තුරය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු (21) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2023

කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු (01) නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 05 වන දින කටයුතු කෙරිණි.

06 Dec 2023

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කීරිමුන්දලම කලපු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට පහක (465) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

03 Dec 2023

නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 නොවැම්බර් 29) අළුයම සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), මුහුදු කූඩැල්ලන් එක්දහස් හයසියය හත්තෑවක (1670) පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

29 Nov 2023

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය වෙත්තලකේනිහිදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 27 වන දින සවස් කාලයේ යාපනය, වෙත්තලකේනි වත්තිරායන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, ගෙවත්තක වලදමා සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තිස් හතරකට (34) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

28 Nov 2023

කේරළ ගංජා ප්‍රවාහනය කල සැකකරුවන් 02 ක් යාපනයේ කයිට්ස් දූපතේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 25 වන දින දහවල් කාලයේ යාපනය, කයිට්ස් දූපතේ නරන්තනේ ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (03) අධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

26 Nov 2023

වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2023 නොවැම්බර් මස 23 වන දින ත්‍රිකුණාමලය, බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස ‍වෝටර් ජෙල් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10) සහ විදුලි නොවන ඩෙටනේටර් පහළොවක් (15) රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

25 Nov 2023

නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, ඉප්පන්තිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 22 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑ හතක (477) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

23 Nov 2023

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 නොවැම්බර් මස 20 වන දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය අසු හතරක (1384) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Nov 2023