මෙහෙයුම් පුවත්
තහනම් ධීවර දැල් 101ක් සමඟ සැකරුවෙකු කන්තලේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව කන්තලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) එකසීය එකක (101) ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
02 Feb 2025
නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක තොගයක් සහ පාවහන් 515ක තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2025 පෙබරවාරි මස 01 වැනි දින නොරොච්චෝලේ ආලන්කුඩා මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 496ක පමණ තොගයක් සහ පාවහන් යුගල් 515ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Feb 2025
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1670 කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 01 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ එක්දහස් හයසිට හැත්තෑවයි (1670) ග්‍රෑම් පන්සීයක (500) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
02 Feb 2025


