මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ විදේශිය දුම්වැටි තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 21 වැනි දින සිදුකල මුර සංචාරයකදී, මුහුදේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් එකසිය විසි නවයක (2,129) පමණ තොගයක් (‍තෙත බර සහිත) සහ විදේශිය දුම්වැටි නවදහස් නවසිය අසූවක (9,980) තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Dec 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් ත්‍රීකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රීකුණාමලය ඇලස්වත්ත මුහුදු ප්‍රදේශයෙහි 2024 දෙසැම්බර් මස 21 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති වීරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

22 Dec 2024

ගැඹුරු මුහුදේදී අනතුරුට පත් ධීවරයෙකු වෙත විජයබාහු නෞකාව තුළදී හදිසි සැත්කමක් සිදුකර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 259 ක් (කිමි 479 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී මසුන් ඇල්ලීමට භාවිතා කරණු ලබන බිලී කටුවක් ඇමිනීම හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත රැගෙන, නෞකාව මතදී හදිසි සැත්කමක් සිදුකර එම කටුව ඉවත් කිරීමෙන් පසු, අද (2024 දෙසැම්බර් 22) ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

22 Dec 2024

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පල්ලෙමුනායි ධීවර නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ සහ ත්‍රීකුණාමලය ඉලංගතුරෙයි මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 සහ 09 යන දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Dec 2024

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, අද (2024 දෙසැම්බර් 08) අළුයම් කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු (08) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

08 Dec 2024

රුපියල් මිලියන 50 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 07 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 126 ග්‍රෑම් 300 ක තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2024

හක් බෙල්ලන් 881 ක් සමඟ සැකකරුවෙක් ඩෙල්ෆ්ට් දූපතේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, ඩෙල්ෆ්ට් දූපතේ තලෛයිතුරායි ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් ගණනින් අටසිය අසූ එක් (881) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

07 Dec 2024

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 555 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 03 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මීගමුව කලපු ප්‍රදේශයේ සහ හැඳල මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 06 වැනි දින සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් පහක (555) පමණ තොගයක් (තෙත බර සහිතව), සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට මෙලෙස කටයුතු කෙ‍රිණි.

07 Dec 2024

රුපියල් මිලියන 18 කට අධික දළ විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 දෙසැම්බර් මස 05 වැනි දින රාත්‍රි කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 500 ක තොගයක් ( තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 Dec 2024

නාමල් ඔය සහ බොරපොල වැවේ වාන් දොරටු, හදිසි දොරටු සහ සොරොව් අලුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහාය

අම්පාර, ඉගිණියාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නාමල් ඔය වැවේ වාන් දොරටු හා හදිසි දොරටු අලුත්වැඩියාව සඳහා සහ මහඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බොරපොල වැවෙහි සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය ලබාදීම 2024 දෙසැම්බර් මස 01 වැනි දින සහ 04 වැනි දින සිදු කෙරිණි.

05 Dec 2024