ක්‍රීඩා පුවත්

අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජයක්

අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලිය - 2022 පළමු අධියරේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර 2022 ජනවාරි 29 වන දින කොළඹ, බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැති තරඟයෙන්, ලකුණු 12 - 0 ක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය ජය ගැනීමට සමත් විය.

30 Jan 2022

සුපර්ලීග් පාපන්දු අනු ශූරතාවය - 2021 ශ්‍රී ලංකා නාවික හමුදාවට

2021 අප්‍රේල් මාසයේ සිට, 2022 ජනවාරි මාසය දක්වා පැවති ලීග් පාපන්දු තරගාවලියෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ Sea Hawks පාපන්දු සමාජය ප්‍රථම වරට ලීග් පාපන්දු අනු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

25 Jan 2022

‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’ තරඟාවලියේ සමස්ථ පිරිමි ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගනියි

‘ජාතික මල්ලව පොර ශූරතාවලිය - 2022’, ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හී මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවත් වූ අතර, එහි පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය අඛණ්ඩව 12 වන වරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.

24 Jan 2022

6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2022 ශුරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාවට

6 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2022, ජනවාරි මස 14 වන දින සිට 22 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී පවත්වන ලද අතර, එහිදි නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

24 Jan 2022

‘Eagle’s Challenge Trophy’ ගොල්ෆ් ශූරතාව 2022 ශ්‍රි ලංකා නාවික හමුදාව දිනා ගනියි

'Commander’s Cup’ ගොල්ෆ් ශූරතාවලිය - 2022, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2022 ජනවාරි මස 22 වන දින පැවැත් වූ අතර, එහි ‘Eagle’s Challenge Trophy’ ශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගන්නා ලදී.

24 Jan 2022