නිපෝන් - 2023 අන්තර්සමාජ රග්බි තරඟාවලියේ හැව්ලොක් කණ්ඩායම පරදා නාවික හමුදා කණ්ඩායම තරඟ ජයක් හිමි කර ගනී
2023 පෙබරවාරි මස 18 වන දින කොළඹ හැව්ලොක් රග්බි ක්‍රිඩා පිටියේදී පැවති 2023 - නිපෝන් රග්බි තරගාවලියේ, හැව්ලොක් රග්බි කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් 26 – 06 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් විය.
ඒ අනුව, මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ බලනැවි ටීඑම් වීරසිංහ උත්සාහක දිනුම් 01 ක් සහ ප්‍රවර්තන 03 ක් ලබාගැනීමට සමත් වූ අතර, බලනැවි ඒඑම්බීඩී සෙනවිරත්න, බලනැවි ආර්පීඑච්එච් මධුරංග සහ සාමාන්‍ය නැවි ඩබ්ජීඩී විමුක්ති උත්සාහක දිනුම් 01 බැගින් ලබා ගැනීමට සමත් විය.
එමෙන්ම, නිපෝන් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ ලීග් වටයේ තෙවන ස්ථානය දිනාගැනීමට ද නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායම සමත් විය.