ක්‍රීඩා පුවත්

‘Navy Cup Sailing Regatta - 2023’ ගාලු මුව‍දොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘Navy Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 අප්‍රේල් මස 22 සහ 23 යන දිනයන්හීදි ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2023 අප්‍රේල් මස 23 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් එම වෙරළ තීරයේදී පැවැත්විණි.

24 Apr 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් කාන්තා අනුශූරතාවය දිනා ගනියි

දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවලිය 2023 අප්‍රේල් 20 සහ 21 යන දිනයන්හීදී, මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදි පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

23 Apr 2023

12 වන ආරක්ෂක සේවා තරඟාවලියේදී තරඟ ශූරතාවයන් දිනා ගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

12 වන ආරක්ෂක සේවා තරඟාවලියේදී තරඟ ශූරතාවයන් දිනා ගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දින (2023 අප්‍රේල් 20) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් වැලිසර නාවික පරිශ්‍රයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩාගාරයේදී හමුවී, නාවික හමුදාවේ කීර්තිය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකල දායකත්වය ඇගයීමට ලක් කිරීමට කටයුතු කෙරිණි.

21 Apr 2023

හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපතිගේ ඇඟයීමට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පසුගිය 2023 පෙබරවාරි මස 17 වන දින පැවති හතර වන ලෝක ආරක්‍ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි එම්ජීඩී බංඩාර සහ සාමාන්‍ය කාන්තා නැවි ඒකේටී ලක්‍ෂාණී යන ක්‍රීඩිකාවන් දෙදෙනා (02) දිරිගැන්වීම උදෙසා එම ක්‍රීඩිකාවන් වෙත නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් රුපියල් 75,000.00 බැගින් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම අද දින (2023 අප්‍රේල් 06) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

06 Apr 2023

07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023 සමස්ථ ශුරතාවය නාවික හමුදාව දිනාගනියි

07 වන නාවික හමුදා විවෘත වෙඩි තැබිමේ තරඟාවලිය - 2023, වැලිසර, නාවික හමුදා වෙඩි තැබිමේ සංකිර්ණයේදී 2023 මාර්තු මස 29 වන දින සිට 2023 අප්‍රේල් මස 04 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

06 Apr 2023

12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

12 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2023, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සහ නැගෙනහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 04 වන දින ත්‍රීකුණාමලය උතුර, තිරියාය මුහුදු තීරය සහ කුච්චවේලි නගරය ආවරණය වන පරිදි සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී පිරිමි කණ්ඩායම් අනුශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය.

05 Apr 2023

“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023” අනුශූරතාවය ශ්‍රි ලංකා නාවික හමුදාව දිනා ගනියි

“12 වන ආරක්‍ෂක සේවා ගොල්ෆ් ශූරතාවලිය - 2023”, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2023 අප්‍රේල් මස 01 සහ 02 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිනාගැනීමට සමත් විය.

03 Apr 2023

“ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි

ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද “38 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය - 2023’’ තරඟාවලිය, 2023 මාර්තු මස 29 වන දින සිට අප්‍රේල් මස 01 වන දින දක්වා බත්තරමුල්ල, දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්විණ. එහිදී Junior, Intermediate සහ Senior යන අංශයන් යටතේ තරඟ පැවති අතර, එහි Intermediate අංශයේ ශුරතාවයන් සහ Senior අංශයේ අනුශූරතාවයන් නාවික හමුදා පිරිමි සහ කාන්තා ඔරු පැදීමේ කණ්ඩායම් දිනා ගැනීමට සමත් විය.

02 Apr 2023