ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන කිලෝමීටර් 586.1 ක් ඇවිද පිහිට වූ නව ලෝක වාර්තාවට අදාල සහතික පත්‍රය සහ කුසලානය ප්‍රදාණය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්පී සමන් කුමාර සිරිවර්ධන දින 07 යි පැය 11 යි මිනිත්තු 17 යි තත්පර 14 කින් කිලෝමීටර් 586.1 ක්, පූනෑව සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණ නැවත පූනෑව දක්වා ගමන් කර, 2024 ජනවාරි මස 19 වන දින නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අදාල සහතික පත්‍රය, කුසලානය සහ පදක්කම එම නාවිකයා වෙත පිරිනැමීම 2024 මැයි මස 18 වන දින කොළඹ ක්‍රීඩා වෛද්‍යායතනයේදී සිදුකෙරිණි.

28 May 2024