නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා දේවස්ථානය අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කරයි


ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෞද්ධ සංගමයේ අරමුදලින් වෙන් කරන ලද රු. 1,117,543.15 ක පිරිවැය දරමින් නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ නාවිකයින්ගේ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා (Sebamalai matha ) දේවස්ථානය පසුගිය ඔක්තෝබර් 27වන දින ජනතා අයිතියට පත්කරන ලදී.

මෙම උත්සවය යාපනයේ අගරදගුරු, ආචාර්ය ජස්ටින් බී ඥාණප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පියතුමන්ලා 6 දෙනෙකු සහ කන්‍යා සොහොයුරියන් 6 දෙනෙකු ද ඇතුළු 400 කට ආසන්න සිවිල් ජනතාවගේ සහභාගීත්වයෙන් විවෘත කර විශේෂ දේවමෙහෙයක් පැවැත් වුහ.

ඉරණතිව් දූපතේ වෙසෙන ද්‍රවිඩ ජනතාව සහ නාවික හමුදාව අතර සුහදත්වය හා සංහිඳියාව ඇති කිරීමෙහිලා නාවික හමුදාව විසින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද සෙබමාලෙයි මාතා දේවස්ථානය විවෘර්ත කිරිමේ අවස්ථාවට පැමිණි පුජකවරුන් ඇතුලු බැතිමතුන්ගේ පැසසිමට නාවික හමුදාව ලක් වු අතර , මෙය 1992 වර්ෂයෙන් පසුව මෙම දේවස්ථානයේදී පවත්වනු ලැබූ උත්කර්ශවත්ම දේව මෙහෙය බවට ඔවුන් විසින් ඇගයීමට ද ලක් කෙරිණි.