පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (මාර්තු 23) වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

24 Mar 2019

නාවික හමුදාධිපතිතුමාගේ උතුරු නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2017 මාර්තු 11 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී. එහිදී උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.මෙම සංචාරයට සමගාමීව උතුරු විධානයේදී නාවික හමුදාව විසින් නිමකරන ලද ඉදිකිරිම් කිහිපයක් නිළ වශයෙන් විවෘත කිරීමද සිදු කරන ලදී.

17 Mar 2019

ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (මාර්තු 16) අළුයම නිමාවට පත් විය. නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව පවත්වනු ලබන තෙවන දේව මෙහෙය බවට මෙය සනිටුහන් විය. ඒ අනුව මෙවරත් එම කටයුතු සඳහා යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම් හට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

16 Mar 2019

මන්නාරම තිරුකේෂ්දීවරන් කෝවිලෙහි ශිව පුජාව සඳහා නාවික හමුදා දායකත්වය

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් විසින් ඊයේ 2019 මාර්තු 04 දිනට යෙදි තිබූ මහ ශිව රාත්‍රි පුජාව අති උත්කර්ෂවත් අන්දමින් සැමරිමට කටයුතු කරන ලද අතර, ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ හින්දු බැතිමතුන් මෙවරත් මන්නාරම තිරුකේෂ්දීවරන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් 2019 මාර්තු 04 සහ මාර්තු 05 උදෑසන ශිව දෙවියන් උදෙසා සිදු කරන ආගමික වතාවත්වල නිරත විය. ඒ සඳහා මන්නාරම් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

05 Mar 2019