ඉන්දු-ලංකා අන්න්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරමින් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් අති උත්කර්ශවත් අයුරින් අද (මාර්තු 16) අළුයම නිමාවට පත් විය. නාවික හමුදාව විසින් නව දේවස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව පවත්වනු ලබන තෙවන දේව මෙහෙය බවට මෙය සනිටුහන් විය. ඒ අනුව මෙවරත් එම කටයුතු සඳහා යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම් හට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

16 Mar 2019