නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2017 මාර්තු 11 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී. එහිදී උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.මෙම සංචාරයට සමගාමීව උතුරු විධානයේදී නාවික හමුදාව විසින් නිමකරන ලද ඉදිකිරිම් කිහිපයක් නිළ වශයෙන් විවෘත කිරීමද සිදු කරන ලදී.
ඒ අනුව අලුතින් ඉදිකරන ලද ඩෙල්ෆ් ජැටිය නාවික හමුදාධිපතිතුමන් විසින් ප්‍රථමයෙන් විවෘත කරන ලදී. මේ අවස්ථාව සඳහා යාපනය දිසාපති එන් වේතනායහන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ ලේකම් එල් ඉලාන්ගොවන් මහතා සහභාගි වූහ. උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට අවශ්‍ය ශ්‍රමය සහ තාක්ෂණික දැනුම ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ අතර, එහි ඉදිකිරිම් 2016 නොවැම්බර් මස 04 වන දින ආරම්භ කරන ලදී. මේ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දෙන ලදී. මෙම ජැටියෙහි වැඩ නිම වීමෙන් පසු ඒ අශ්‍රිත මුහුදු ප්‍රදේශය අඩි 6 ත් 8 ත් අතර ගැඹුරකින් යුතු වීම හේතුවෙන් ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා, ගිලන් යාත්‍රාව මෙන්ම අනෙකුත් යාත්‍රා පහසුවෙන් සහ ආරක්ෂා සහිතව නතර කර තැබිමට හැකියාව ලැබෙණු ඇත. මෙහි ප්‍රථම අධියර අවසන් වීමත් සමග අඩි 101 දිගින් සහ අඩි 31 ක පලළින් සමන්විත ජැටියක් නිර්මාණය වනු ඇත.
මෙයට සමගාමීව කීරමලේ නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය පිරිසිදු ජලය ලබා දීමේ නල්ලිනක්කපුරම් ජල ව්‍යාපෘතිය විවෘත කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදු කෙරිණි. උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ සහ දිසාපතිතුමන්ගේ තවත් එක් අභිලාෂයක්ව පැවති මෙම ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ඉංජිනේරු හැකියාව යෙදවු අතර, එමගින් මේ සඳහා අවශ්‍ය කළ විශාල ජල ටැංකිය සහ ප්‍රති අශ්රැති ජල පිරිපහදු යන්ත්‍රය නිර්මාණය කිරීමට හැකියාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලීටර් 60,000 ධාරිතාවයකින් සමන්විත මෙම ටැංකිය උපයෝගි කර ගනිමින් ප්‍රදේශයේ පවුල් 50 කට පිරිසිදු ජලය ලබා දීමට හැකියාව ලැබිණි. මෙම අවස්ථාව සඳහා යාපනය දිසාපති එන් වේතනායහන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ ලේකම් වන එල් ඉලාන්ගොවන් මහතා සහ යාපනය භාර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද එක් විය.
මේ අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් ඩෙල්ෆ්ඩ් දූපතේහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආතනයෙහි සංචාරයක නිරත වන ලදී. එහිදී, එතුමන් විසින් එම ආයතනයේ පිහිටි මැහුම් මධ්‍යස්ථානයේ සේවය කරන සන්නාලියන් 38 දෙනෙකු සඳහා වාර්ෂික දිමනාව ලබා දීමේ උත්සවයකට සහභාගී වන ලදී. ඔවුන් සමග සුහද පිළිසදරක නිරත වූ නාවික හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සේවය ඇගයිමට ලක් කරන ලදී.
එදින නාවික හමුදාධීපතිතුමන්, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයයේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කිරීමද නාවික හමුදාධිපතිතුමන් අතින් සිදු කෙරිණි. දිගින් අඩි 140 ක්, පලළ අඩි 6 ½ ක් සහ උස අඩි 10 ක් වූ මෙම ජැටිය නාවික හමුදා මුල්‍ය දායකත්වයෙන්, සිවිල් ඉංජිනේරු අංශයේ තාක්ෂණික දැනුමින් ඉදිකර ඇත.
උතුරු පුදේශයේ දුපත් ආශ්‍රීතව ජීවත්වන ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ඔවුන්හට පහසුකම් සැලසීම සඳහා සිදුකරන ලද මෙම ව්‍යාපෘති තුලින් ජාතීන් අතර,සංහිඳියාව ඇතිකරලීම සඳහා නාවික හමුදාව සිදුකකරනු ලබන දායකත්වය පැසසීමට ලක්විය.