කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරයට අයත් කතරගම ප්‍රදේශයේ පිහිටි ‘ගංගාරාම විශ්‍රාම ශාලාව’ පරිශ්‍රයේදී ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් 2019 ජූලි 24 වන දින දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.
කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ සිරි ඤාණිස්සර හිමියන්ගේ ඉල්ලීම පරිදි ඉදිකරන ලද මෙම ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍රය ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හී බරමින්හැම් රොටරි සමාජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව නාවික හමුදාවේ පුර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී. ඒ අනුව, නාවික හමුදා ශ්‍රමදායකත්වය ඇතිව කතරගම ප්‍රදේශයේ ඉදිකරන ලද 09 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය මෙය වන අතර, මෙමඟින් කතරගම පුජා භූමියට පැමිණෙන සැම ජනවර්ගයකටම අයත් බැතිමතුන් සහ ප්‍රදේශවාසින් හට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට අවස්ථාව උදාවනවා පමණක් නොව මෙමගින් ජාතින් අතර, සංහිඳියාව ඇතිකරලිමට මහත් පිටුවහලක් වේ.