ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල එක්ව ලේ දන්දීමේ කඳවුරක් 2019 අගෝස්තු මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දි පැවැත්විය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමාගේ ඉල්ලීමකට අනුව උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ප්‍රියන්ත කුරුකුලසුරිය ගේ පුර්ණ මඟපෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම ලේ දන්දීමේ කඳවුරට නාවික පුද්ගලයින් 60 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වේච්ජාවෙන් ලේ ලබාදීමට ඉදිරිපත් විය.
උතුරු මැද ප්‍රදේශයේ අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂතුමා ඇතුළු කාර්යය මණ්ඩලය නොමද සහාය ලබා දෙන ලදී. නාවික හමුදාව සිදුකරනු ලබන මෙවැනි වැඩසටහන් තුලින් ජාතීන් අතර,සංහිඳියාව ඇතිකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල සාර්ථක කරගැනිමට මහත් පිටුවහලක් ගෙනදේ.