“ රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පයට සමගාමිව වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ තවත් එක් වැඩසටහනක් අද (අගෝස්තු 29 ) යාපනය, තල් සෙවන වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.
ඒ අනුව ස්වභාවික හේතුන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩිලෙස දුෂණයට ලක්ව තිබු තල් සෙවණ වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා උතුරු නාවික විධානය,යුධ හමුදාව, ගුවන් හමුදාව සහ වෙරළාරක්ෂක දේපාර්තමේන්තුව මෙන්ම ප්‍රදේශයේ ප්‍රජාවද සහභාගි විය.
තවද, සැම නාවික විධානයකම වෙරළ තීරයන් ආවරණය වන පරිදි මෙවැනි වෙරළ පිරිසිදු කිරිමේ පරිසර හිතකාමි වැඩසටහන් රැසක් නාවික හමුදාව ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි. විශේෂයෙන් ප්‍රජාවගේ දායකත්වය සමගින් සිදුකරනු ලබන මෙම වැඩසටහන් තුලින් ජාතීන් අතර, සංහිඳියාව ඇතිකරලීමට මහත් පිටුවහලක් ගෙනදේ.