අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහන් දෙකක් 2019 අගෝස්තු 29 වන දින යාපනය, නවන්තුරායි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.
ඒ අනුව උතුරු නාවික විධානය සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව යාපනය, නවන්තුරේයි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලද පැළ සිටුවීමේ වැඩ සටහන් සඳහා ජනාධිපති සහකාර ලේකම්, යාපනය නගරාධිපති, වෙරළ සංරක්ෂණ දේපාර්තමේන්තුවේ නියෝජිතයින්, පෙරියකුලම් විද්‍යාලයේ සිසුන්, යුධ හා ගුවන් භටයින්, චාවකච්චේරි හින්දු විද්‍යාලයේ සිසුන්,ඉල්ලවාලයි විද්‍යාලයේ සිසුන් සහ නවන්තුරායි ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ ජාතින් අතර, සංහිඳියාව ඇතිකරලීම සඳහා මෙමගින් නාවික හමුදාවට තම දායකත්වය දැක්විමට හැකිවිය.