THE FIRST LINE OF DEFENCE
ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ජිවත් වන සකු නාගේන්ද්‍රන් සහ ඈන් නාගේන්ද්‍රන් යන මහත්ම මහත්මින්ගේ මුල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තලෛයිමන්නාරම, පියර් රෝමානු කතෝලික දෙමළ පාසල ඉදිරිපිට ඉදිකරන ලද බස් නැවතුම්පල 2019 ජුලි 08 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.
Read more >
23 Sep 2019
වව්නියාව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ දිවා සුරැකුම් මධ්‍යස්ථානය අද (2019 සැප්තැම්බර් 12) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.
12 Sep 2019
මාතර අප ස්වාමි දුවගේ ජාතික දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවරත් කිතුනු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2019 සැප්තැම්බර් මස 06 වන දින සිට 08 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විම සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.
10 Sep 2019
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව 2019 සැප්තැම්බර් 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.
06 Sep 2019