නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව අති උත්කර්ශවත් අයුරින් පවත්වයි


ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව 2019 සැප්තැම්බර් 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නාවිකයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද ‍සහභාගී විය.

ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු ගණදෙවි පූජාව සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙසෙන හින්දු ආගමික බැතිමතුන් විශාල පිරිසකට ද සහභාගීවිමට ඉඩ සැලසුනු අතර, එමඟින් ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරගැනීමට සහ රජයේ සංහිඳියා ප්‍රතිපත්තිය සඳහා නාවික හමුදාව සිදුකරනු ලබන දායකත්වය පිළිඹිබු විය.