නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල බස් නැවතුම් පලක් ජනතා අයිතියට පත් කරයි


ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ජිවත් වන සකු නාගේන්ද්‍රන් සහ ඈන් නාගේන්ද්‍රන් යන මහත්ම මහත්මින්ගේ මුල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තලෛයිමන්නාරම, පියර් රෝමානු කතෝලික දෙමළ පාසල ඉදිරිපිට ඉදිකරන ලද බස් නැවතුම්පල 2019 ජුලි 08 වන දින ජනතා අයිතියට පත් කරන ලදී.

එම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර, ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නාවික පුද්ගලයින්, ප්‍රදේශයේ පුජකතුමන්, තලෛයිමන්නාරම, පියර් රෝමානු කතෝලික දෙමළ පාසල විදුහල්පති ඇතුළු ගුරුවරුන් සහ පාසල් සිසුන් සහභාගි වී සිටියහ.

ජාතින් අතර,සංහිඳියාව ඇතිකිරිම සඳහා සිදුකරනු ලබන මෙවැනි වැඩසටහන් සඳහා නාවික හමුදාව සැමවිටම තම දායකත්වය සැපයිම රජයේ සංහිඳියා ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිම සඳහා මහත් පිටුවහලක්වේ.