“රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පය යටතේ පැළ සිටුවිමේ වැඩසටහන් දෙකක් නාවික හමුදා මූලිකත්වයෙන් යාපනයේදී පැවැත්විණි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැළ සිටුවීමේ වැඩසටහන් දෙකක් 2019 අගෝස්තු 29 වන දින යාපනය, නවන්තුරායි සහ අලයිපිඩ්ඩි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.

30 Aug 2019

“රට වෙනුවෙන් එකට සිටීමු” වැඩසටහනට සමගාමීව යාපනය තල්සෙවණ වෙරළ තීරය පිරිසිදු කිරිම සඳහා නාවික හමුදා දායකත්වය

“ රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පයට සමගාමිව වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ තවත් එක් වැඩසටහනක් අද (අගෝස්තු 29 ) යාපනය, තල් සෙවන වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි.

29 Aug 2019

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරයි

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද කරෙයිතිව් දුපතේ, කරේයිනගර් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය 2019 අගෝස්තු 27 වන දින ජනතා අයිතියට පත් කරන ලදි.

28 Aug 2019

“රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පය යටතේ වැඩසටහන් රැසක් නාවික හමුදා මුලිකත්වයෙන් යාපනයේදී පැවැත්විනි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “රට වෙනුවෙන් එකට සිටීමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක සේවා කිහිපයක් 2019 අගෝස්තු 23 සිට 26 දක්වා යාපනය හා එහි දුපත් ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.

28 Aug 2019

උතුරු මැද නාවික විධානය ලේ දන්දීමේ ක‍ඳවුරක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු මැද විධාන නාවික රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල එක්ව ලේ දන්දීමේ කඳවුරක් 2019 අගෝස්තු මස 17 වන දින මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ දි පැවැත්විය.

18 Aug 2019

ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් කතරගමදී විවෘත කෙරේ

කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරයට අයත් කතරගම ප්‍රදේශයේ පිහිටි ‘ගංගාරාම විශ්‍රාම ශාලාව’ පරිශ්‍රයේදී ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් 2019 ජූලි 24 වන දින දකුණු නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදි.

25 Jul 2019

කතරගම පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

27 Jun 2019

නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රථම දේව මෙහෙය පවත්වයි

නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී 2019 ජූනි 12 කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් ප්‍රථම දේව මෙහෙය පවත්වන ලදි.

14 Jun 2019

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් තලෙයිමන්නාරම, ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද රැස්විම් ශාලා ගොඩනැගිල්ල 2019 මැයි 16 වන දින සිසු අයිතියට පවරන ලදි.

17 May 2019

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (මාර්තු 23) වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.

24 Mar 2019