Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් මැදිරිගිරියේදී ජනතා අයිතියට

14 Jun 2026

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොළොන්නරුව දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කිරීම 2026 ජුනි මස 10 වන දින සිදු කෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, ගම්මැද්ද සමාජ සත්කාරක වැඩසටහන යටතේ ඉදිකෙරෙණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් (01) ඇතුළුව, නාවික හමුදාව විසින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1156ක ප්‍රමාණයක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.

ඒ අනුව, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොළොන්නරුව දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් ළමුන් ඇතුළු ඒ ආශ්‍රිතව ජීවත්වන විශාල ජනතාවකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Accessibility Tools