නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය උතුරු මැද නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කරයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය 2020 දෙසැම්බර් 26 සහ 27 යන දෙදින උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන්හි නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත විය.

ඒ අනුව, ශ්‍රී ලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල, අබාන්ස් ප්‍රදර්ශනාගාරය, සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය සහ නාවික පෙර පාසල ද, ශ්‍රී ලංනානෞ තම්මැන්නා සහ ශ්‍රී ලංනානෞ බුවනෙක යන ආයතනයන්හි පවත්වාගෙන යනු ලබන සේවා වනිතා යෝගට් ව්‍යාපෘතීන් ද ගරු සභාපතිතුමිය විසින් නිරීක්‍ෂණය කීරීමට කටයුතු කරන ලදි. එහිදී එම ව්‍යාපෘතීන්හි වර්තමාන තත්වය හා ව්‍යාපෘතීන්හි ඉදිරි අභිවෘද්ධිය සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ව්‍යාපෘති භාර නිලධාරීන් වෙත වැඩිදුර උපදෙස් ලබා දීමට ද ගරු සභාපතිතුමිය විසින් කටයුතු කෙරණි.

තවද, මෙම නිරීක්‍ෂණ චාරිකාවාරයේදී ශ්‍රී ලංනානෞ පණ්ඩුකාභය ආයතනයෙහි පවත්වාගෙන යනු ලබන පෙර පා‍සලෙහි ගුරු භවතුන් විසින් නිර්මාණය කරන ලද සමරු තිළිණයක් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය වෙත ප්‍රදානය කිරීම ද සිදු වූ අතර, එතුමිය විසින් මෙම නිරීක්‍ෂණ චාරිකාවාරය සනිටුහන් කරමින් ශ්‍රී ලංනානෞ පණ්ඩුකභාය ආයතනයේ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති පරීශ්‍රයෙහි අඹ පැළයක් රෝපණය කිරීමටද කටයුතු කෙරිණි.

කොවිඩ් -19 වසන්ගතය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා ක්‍රියාමාර්ග අනුගමනය කරමින් පවත්වන ලද මෙම නිරීක්‍ෂණ චාරිකාවාරය සඳහා නාවික හමුදා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා ගංගා ඩයස් මැතිණිය සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක්ද එක්වූහ.