වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු, තාක්‍ෂණික සහ කෘෂි පීඨයන්ගේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර පරිශ්‍රයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) සිසු අයිතියට පත්කිරීම 2026 මැයි මස 11 වැනි දින සිදු කෙරිණි.

13 May 2026

‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් සහභාගීවූ නාවික හමුදා පුද්ගලයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට

‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්වය කළමනාකරණය සහ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම් වෙනුවෙන් සහභාගී වූ නාවික පුද්ගලයින්ගේ කැපවීම අගය කිරීමේ උත්සවයක් 2026 මැයි මස 08 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන සංකීර්ණයේදී සිදුකෙරිණි.

11 May 2026

දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව විසින් 2026 මැයි මස 08 වන දින කටයුතු කෙරිණි.

10 May 2026

සන්නිවේදන ශිල්පීය කුසලතා වර්ධන වැඩමුළුවක් නාවික හමුදා සාමාජිකයින් වෙනුවෙන් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සන්නිවේදන ශිල්පීය කුසලතා නව මානයක් කරා ඔසවා තැබීමේ අරමුණින්, බාහිර සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩමුළුවක් දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් 2026 මැයි මස 02 වන දින දකුණු නාවික විධානයේදී සාර්ථකව පැවැත්විණි.

07 May 2026

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 05 වැනි දින පුත්තලම පෙරියපාඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (618) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

06 May 2026

දිවයිනට පැමිණි ‘INS SINDHUKESARI’ සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසුව දිවයිනෙන් පිටත්වෙයි

මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 මැයි මස 04 වැනි දින ඉන්දිය නාවික හමුදාවට අයත් ‘INS SINDHUKESARI’ සබ්මැරීනය දිවයිනට පැමිණි අතර, අද දින (2026 මැයි 06) එම සබ්මැරීනය දිවයිනෙන් පිටත් විය. ‘INS SINDHUKESARI’ සබ්මැරීනය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

06 May 2026

අසමමිතික යුද උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව 2026 - ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේදී ආරම්භවෙයි

අසමමිතික යුද උපක්‍රම පාඨමාලාව - 2026 (ASYMMETRIC WARFARE COURSE-2026) ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී 2026 මැයි මස 04 වන දින ආරම්භ කරන ලදි. පාඨමාලාවේ සමාරම්භක උත්සවය විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන අණදෙන නිලධාරී කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩිගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

05 May 2026

ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන ධාරිතාව පුළුල් කෙරේ

ශ්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා මෙහෙයුම් මැදිරියක්, ප්‍රධාන සංඥා කාර්යාලයක් සහ දුරකථන හා දත්ත හුවමාරු මධ්‍යස්ථානයක් ඇතුළුව ඉදිකරන ලද නව ගොඩනැගිල්ල 2026 මැයි මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන්, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

05 May 2026

නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2026 මැයි මස 01 සිට 03 දින දක්වා උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්‍ෂණය කර, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කෙරිණි.

05 May 2026

ඉන්දු - ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ කිමිදුම් අභ්‍යාසය ‘IN-SLN DIVEX 2026’ සාර්ථකව අවසන් වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් මෙහෙයුම් සහයක නෞකාවක් වන ‘INS NIREEKSHAK’ නෞකාව 2026 අප්‍රේල් මස 21 වන දින දිවයිනට පැමිණි අතර, එම නෞකාවේ නාවිකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 21 සිට 28 වන දින දක්වා කිමිදුම් අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී.

04 May 2026