වැදගත් සිදුවීම්
බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය සොරොව් දොරටුව ක්‍රියාකාරී තත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය
නුවරඑළිය බෝඹුරුඇල්ල ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2026 ජනවාරි මස 19 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
23 Jan 2026
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ නෞකාව දිවයිනට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදි සිදු කෙරිණි.
22 Jan 2026
රාජකීය ඕමාන නාවික හමුදාවේ ‘AL SEEB’ යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
22 Jan 2026
‘EX - DOSTI – XVII’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි
ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVII ’ ත්‍රෛයිපාර්ශ්වික නාවික අභ්‍යසය සාර්ථකව නිමාවට පත්විය.
21 Jan 2026
නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යන සංචාරයක නිරතවෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන නේපාලයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යායතනයේ, මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, බ්‍රිගේඩියර් ජෙනරල් Purna Bahadur Khatri ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් 2026 ජනවාරි මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවිය.
20 Jan 2026
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ රාසයනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නාවික හමුදා ශිල්පීය දායකත්වය
නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස, නාවික හමුදාවේ ශිල්පීය දායකත්වයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකික යුවළකගේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකෙරෙන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ රාසයනාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම, 2026 ජනවාරි මස 15 වැනි දින සිදු කෙරිණි.
19 Jan 2026
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක උතුරු නාවික විධාන ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, Colonel Amanda Johnston නිල හමුවක් සඳහා 2026 ජනවාරි 14 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ හමු විය.
17 Jan 2026
ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ඉන්දීය නාවික හමුදාව වෙතින් රිබ් යාත්‍රාවක්
ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කරමින්, ඉන්දීය නාවික හමුදාව වෙතින් ප්‍රදානය කරන ලද රිබ් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් පිරිනැමීම, 2026 ජනවාරි මස 15 වැනි දින, කොළඹ වරායේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.
17 Jan 2026
ශ්‍රි ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර 13 වැනි වරට පැවැති මාණ්ඩලික සාකච්ඡාවාරය කොළඹදී සාර්ථකව අවසන් වෙයි
ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර දහතුන් වැනි (13) මාණ්ඩලික සාකච්ඡා වාරය (13th Navy to Navy Staff Talks – Indian Navy and Sri Lanka Navy) 2026 ජනවාරි මස 14 දින කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී සාර්ථකව පැවැත්වුණු අතර, ඊට සමගාමීව ඉන්දීය නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී, රියර් අද්මිරාල් Srinivas Maddula (Assistant Chief of Naval Staff – Foreign Cooperation) විසින් ජනවාරි 13 දින නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
16 Jan 2026
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ 1147 වෙනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය බදුල්ල රිදීමාලියද්දේදී ජනතා අයිතියට
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොලේයාය ප්‍රජා ශාලා භූමියේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2026 ජනවාරි මස 13වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
16 Jan 2026


