නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 05 වැනි දින පුත්තලම පෙරියපාඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (618) පමණ තොගයක් රැගත් කැබ් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට ලද තොරතුරකට අනුව පුත්තලම පෙරියපාඩු වෙරළ ප්‍රදේශයේ, 2026 මැයි මස 05 වැනි දින සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කැබ් රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනයට සූදානම් කර තිබූ, උර විස්සක (20) අසුරන ලද, බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය දහඅටක (618) පමණ තොගය සහිත කැබ් රථය සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ත් සහ 46ත් වයසේ පසුවන පුත්තලම කොට්ටන්තිව් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, කැබ් රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.





