හම්බන්තොට කරගම් ලේවාය වෙත වායු බල යාත්‍රාවක් (Air propelled boat) යෙදවේ
නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අද (2021 අප්‍රේල් 21) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
21 Apr 2021
දිවයිනේ අඩු පහසුකම් සහිත පාසල් 08 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව දිවයිනේ අඩු පහසුකම් සහිත තෝරාගත් පාසල් 2021 වර්ෂය තුළ සංවර්ධනය කර දේශයේ ජීවනාලිය වන් වූ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ බටහිර, නැගෙනහිර, උතුරු මැද, වයඹ, ගිණිකොණ, දකුණ සහ උතුර යන නාවික විධානයන් තුළදී 2021 අප්‍රේල් මස 19 වන දින ආරම්භ කෙරිණි. සියළුම නිලධාරීන් හා නාවිකයින් ස්ව කැමැත්තෙන් සිය මාසික වේතනයෙන් පරිත්‍යාග කරන ලද මුදල් මෙම මහඟු සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලෙස යොදා ගනු ලබන අතර, නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දෙනු ඇත.
20 Apr 2021
ශ්‍රී ලංකා නාවික හමුදාවට ආශිර්වාද පතා ක්‍රිස්තියානි දේව මෙහෙයක් ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ Christ the King Chapel දේවස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිකුණාමලය රදගුරු, ආචාර්ය ක්‍රිස්තියන් නොයෙල් එමානුවෙල් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් 17 වන දින පැවැත්විණි.
18 Apr 2021
නාවික හමුදාධිපතිතුමන්ගේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය
නාවික හමුදාව විසින් ගිං ගඟ ආශ්‍රිතව ආපදා කළමණාකරන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ
නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදි කෙරුණු ලංකාගම නිල්වැල්ල පාලම ජනතා අයිතියට

දකුණු පළාතේ ගාල්ල, නෙළුව, ලංකාගම සහ නිල්වැල්ල ගම්මාන යාකරමින් නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි කරණ ලද ලංකාගම නිල්වැල්ල පාලම දකුණු පලාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් 2021 අප්‍රේල් මස 10 දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.
11 Apr 2021
නිල්වැල්ල දියයට කලාගාරය ජනතා අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිල්වැල්ල සුන්දර වෙරළතීරයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ නිල්වැල්ල දියයට කලාගාරය (Underwater Gallery Nilwella) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් අද (2021 අප්‍රේල් 10) නිල්වැල්ල වෙරළ තීරයේදී ජනතා අයිතියට පත් කෙරිණි.
10 Apr 2021