නාවික හමුදාව, ආරක්‍ෂිත මුහුදු මඟී ප්‍රවාහන සේවයක් වෙනුවෙන් යාත්‍රා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව, ආරක්‍ෂිත හා කාර්යක්‍ෂම මුහුදු මඟී ප්‍රවාහන සේවයක් සැපයීමේ අරමුණින් මඟී ප්‍රවාහන යාත්‍රා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 අප්‍රේල් මස 17 වැනි දින යාපනයේ කුරිකඩ්ඩුවාන් ජැටියේදී සාර්ථකව පැවැත්වීය.

මෙම වැඩමුළුව තුළදී, මඟී ප්‍රවාහනයට අදාළ ජාතික හා ජාත්‍යන්තර සමුද්‍රීය නීති, ආරක්‍ෂිත ලෙස මඟීන් ගොඩනැංවීම හා ගොඩබැස්සවීම, මඟී කළමනාකරණය, ගිනි නිවීමේ ක්‍රමවේද සහ ගිණි අනතුරු වළක්වා ගැනීම පිළිබඳව විස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

එමෙන්ම, සමුද්‍රීය ආරක්‍ෂාව ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්වූ මෙම වැඩසටහන යටතේ සහභාගීවූවන්ට ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදුන් අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, මුහුදු මඟී ප්‍රවාහන සේවාවන්ගේ ආරක්‍ෂාව හා ගුණාත්මකභාවයේ වර්ධනයට දායකත්වය දැක්වීමට සැලසුම් කර ඇත.