ක්‍රීඩා පුවත්
“ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, “ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” (Taekwondo Poomsae Championship 2026) ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් හතරක් (04) සහ ලෝකඩ පදක්කම් පහක් (05) දිනා ගැනීමට 2026 මැයි මස 10 වැනි දින සමත් විය.
19 May 2026
‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා ‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026, දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී 2026 මැයි මස 08 වැනි දින සාර්ථකව නිමාවට පත් වු අතර, එහි සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය දිනාගැනීමට සමත් විය.
12 May 2026
6 වන ආසියානු වෙරළ තරඟාවලියේදී, ශ්‍රී ලංකාව රිදියෙන් සැරසීමට නාවික හමුදා ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී දායකත්වයක්
චීනයේ සන්යා නුවර පැවති 6 වන ආසියානු වෙරළ තරඟාවලියේ කාන්තා වෙරළ කබඩි තරගය සඳහා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කාන්තා කබඩි කණ්ඩායම සමස්ත තරඟාවලියේ අනු ශූරතාවය දිනා ගැනීමට සමත් වු අතර, 2026 අප්‍රේල් මස 26 වන දින සිට 30 වන දින දක්වා පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා කබඩි සංචිතයේ නායක කාන්තා නැවි ඒපීඑම් හංසමාලි සහ බල කාන්තා නැවි ආර් ප්‍රියවර්නා යන ක්‍රීඩිකාවන් සහභාගී වූහ.
01 May 2026
2026 ශ්‍රී ලංකා සත් සාමාජික කාන්තා රග්බි තරඟාවලියේ ශූරතාවය 8වන වතාවටත් නාවික හමුදා කාන්තා කණ්ඩායම දිනාගනියි
ශ්‍රී ලංකා රග්බි සංගමය මගින් සංවිධානය කරනු ලැබු 2026, ශ්‍රී ලංකා සත් සමාජික කාන්තා රග්බි තරගාවලියේ පලමු අධියර 2026 මාර්තු මස 21 සහ 22 යන දෙදින තුලදී කොළඹ සිආර් ඇන්ඩ් එෆ්සි (CR&FC) ක්‍රිඩාපිටියේදි සහ එහි දෙවන අධියර 2026 මාර්තු මස 28 සහ 29 යන දිනයන්හීදී කොළඹ අන්තර් ජාතික තුරඟ තරග පිටියේදි පවත්වන ලද අතර, එම තරඟාවලියේ සමස්ථ ශුරතාවය දිනා ගැනිමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායමට සමත්විය.
31 Mar 2026
09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි
ජාතික වේග හබල් ඔරු සංගමය (National Rowing Boat Association in Sri Lanka) විසින් සංවිධානය කරන ලද 09 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලිය, 2026 මාර්තු 12 සිට 14 දක්වා බත්තරමුල්ල දියවන්නා ජලාශයේදී සාර්ථකව පැවැත්වූ අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩකයන් රන් පදක්කම් හතක් (07), රිදී පදක්කම් හයක් (06) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට සමත් විය.
20 Mar 2026
නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2026 මාර්තු මස 07 වැනි දින සිට 10 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය දියත් විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
17 Mar 2026
‘Dubai 2026 World Para Athletics Grand Prix’ පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 100 සහ මිටර් 400 පිරිමි ධාවන ඉසව්වන්ගේ රිදී පදක්කම් මව්බිමට දිනාදීමට නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි
2026 පෙබරවාරි මස 08 වන දින සිට 14 වන දින දක්වා එක්සත් අරාබියේ ඩුබායි හි පැවති ‘Dubai 2026 World Para Athletics Grand Prix’ තරඟාවලියේදී, මිටර් 400 සහ 100 පිරිමි ධාවන ඉසව්ව T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම තරඟයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් විය.
17 Feb 2026
19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි
2026 ජනවාරි මස 30 සිට පෙබරවාරි මස 01 දක්වා නිට්ටඹුව වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවති 19 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.
06 Feb 2026
‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2025’ හිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් දිනා ගනියි
98 වන ‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2025’(98th BASL Men & Women National Boxing Championship 2025), 2026 ජනවාරි මස 30 වන දින හොරණ, නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති අතර, එහිදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.
05 Feb 2026
‘Navy Monthly Medal Golf Tournament - 2025” සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා ගොල්ෆ් සංචිතය විසින් සිව්වන වරටත් සංවිධානය කරන ලද ‘Navy Monthly Medal Golf Tournament - 2025” තරඟාවලිය වැලිසර ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී 2025 දෙසැම්බර් මස 28 වැනි දින සාර්ථකව පැවැත්වුණු අතර, ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම නාවික හමුදා ගොල්‍ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් සිදුකෙරිණි.
31 Dec 2025


