ක්‍රීඩා පුවත්
2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2024/2025 අන්තර් සමාජ දස සාමාජික කාන්තා රග්බී තරඟාවලිය, 2024 වර්ෂයේ දෙසැම්බර් මස28 වැනි දින සිට 2025 වර්ෂයේ මාර්තු මස 14වැනි දින දක්වා පැවැත්වූනු අතර, එම තරඟාවලියේ 2025 මාර්තු මස 14 වැනි දින සිආර් ඇන්ඩ් එෆ්සි ක්‍රීඩා සමාජය සමඟ වැලිසරදී පැවති අවසන් තරඟයෙන් ලකුණු 61-05 ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් අන්තර් සමාජ කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.
18 Mar 2025
නාවික හමුදාව ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් කාන්තා ශූරතාවය දිනාගනියි

13 වන ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 මාර්තු මස 12 වන දින සිට 14 වන දින දක්වා කටුනායක, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර තුල පිහිටා ඇති වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහීදී නාවික හමුදාව එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
15 Mar 2025
“ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025” පූනෑවේදී සාර්ථකව නිමාවට පත්වෙයි

තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සහ ජාතික රයිෆල් සංගමයේ දායකත්වයෙන් “ජාතික රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය - 2025”, තරඟාවලිය දෙස් විදෙස් තරඟකරුවන්ගේ හා විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 06 වැනි දින සිට 08 වැනි දින දක්වා, පූනෑව පිහිටි නාවික හමුදා වෙඩි පිටියේදී සාර්ථකව නිමාවට පත්විය. ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ ත්‍රිවිද හමුදාධිපතිවරුන්ගෙන් සහභාගීත්වයෙන් තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය, මිහින්තලේ මාලිමා නිකේතනයේදී පැවැත්විණි.
09 Mar 2025
නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන හොකී තරඟාවලිය, 2025 මාර්තු මස 04 වැනි දින සිට 07 වැනි දින දක්වා වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ හොකී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
08 Mar 2025
13 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය නාවික හමුදාව දිනා ගනියි
13 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය - 2025, අනුරාධපුර තිසා වැව ආශ්‍රිතව 2025 මාර්තු මස 06 වැනි දින පැවති අතර, තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ නායක කිමිදුම් ජේඩිපිපි ජයසිංහ සමත් විය.
07 Mar 2025
“ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” පළමු අධියරෙහි ජයග්‍රහණය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරයට සමඟාමිව 26 වැනි වරටත් සංවිධානය කරන “ගුවන් හමුදා පාපැදි සවාරිය 2025” 2025 පෙබරවාරි මස 28 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා අධියර තුනකින් (03) පැවැත්වුණු අතර, එහි වීරවිල සිට රත්නපුරය දක්වා පැවති පළමු අධියරෙහි ජයග්‍රහනය නාවික හමුදාව වෙත හිමිකර දීමට නායක නැවි ඩීඒඑස් ප්‍රසංග සමත් විය.
06 Mar 2025
නායක කාන්තා නැවි ජේ රොශිටා ‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’ කාන්තා ශූරතාවය දිනා ගනියි

‘55 වැනි ජ්‍යේෂ්ඨ ජාතික කැරම් ශූරතාවලිය 2025’, 2025 ජනවාරි මස 18 වැනි දින සිට මාර්තු මස 02 වැනි දින දක්වා කොළඹ කැරම් සංගම් මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ජේ රොශිටා තරඟාවලියේ ඒකල කාන්තා ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත් විය.
04 Mar 2025
‘National Sailing Championship - 2025’ තරඟාවලිය කාක දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි

‘National Sailing Championship - 2025’ තරඟාවලිය 2025 පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන්හීදි මට්ටක්කුලිය, කාක දූපතේදී, සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය එහි සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් විය.
28 Feb 2025
අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2025 පෙබරවාරි මස 10 වැනි දින සිට 15 වැනි දින දක්වා වැලිසර, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් හා කාන්තා ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගැනීමට සමත්විය.
21 Feb 2025
නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් 2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් තරඟාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය දිනාගනියි

2025 SUNQUICK ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2025 ජනවාරි මස 31 වැනි දින සිට 2025 පෙබරවාරි මස 02 වැනි දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරය ආශ්‍රිතව පැවැති අතර, එහීදී නාවික හමුදා කාන්තා වෙරළ වොලිබෝල් “A” සහ “B” කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
02 Feb 2025