6 වන ආසියානු වෙරළ තරඟාවලියේදී, ශ්‍රී ලංකාව රිදියෙන් සැරසීමට නාවික හමුදා ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී දායකත්වයක්

චීනයේ සන්යා නුවර පැවති 6 වන ආසියානු වෙරළ තරඟාවලියේ කාන්තා වෙරළ කබඩි තරගය සඳහා, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කාන්තා කබඩි කණ්ඩායම සමස්ත තරඟාවලියේ අනු ශූරතාවය දිනා ගැනීමට සමත් වු අතර, 2026 අප්‍රේල් මස 26 වන දින සිට 30 වන දින දක්වා පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා කබඩි සංචිතයේ නායක කාන්තා නැවි ඒපීඑම් හංසමාලි සහ බල කාන්තා නැවි ආර් ප්‍රියවර්නා යන ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

රටවල් හතක් (07) නියෝජනය කරමින් පැවැති මෙම තරඟාවලියේ කාන්තා අවසන් මහා තරඟය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබූ අතර, ඉතාමත් තියුණු තරඟයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම අනු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබා දුන් නායක කාන්තා නැවි ඒපීඑම් හංසමාලිගේ විශිෂ්ට නායකත්වයත්, බල කාන්තා නැවි ආර් ප්‍රියවර්නාගේ දක්ෂ ක්‍රීඩා කෞශල්‍යයත් විශේෂයෙන් කැපී පෙනුණු අතර, මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවටද මහත් ගෞරවයක් හා කීර්තියක් හිමි කර දීමට සමත් විය.