නැගෙනහිර නාවික විධානයේ සහායෙන් ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලියක් පැවැත්වේ

ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් 2021 අප්‍රේල් මස 05 වන දින ත්‍රිකුණාමලය ඇතුල් වරායේ පෙපර්පොට් (Pepperpot) ජැටියට යාබද මුහුදු තීරයේදී පැවැත්වීම සඳහා නැගෙනහිර නාවික විධානය විසින් කටයුතු කළ අතර, මෙම තරගාවලිය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ මඟ පෙන්වීම යටතේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ නාවික ශිල්පීය පාසල විසින් සංවිධානය කෙරිණි.
07 Apr 2021
අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී යුද්ධ හමුදා ‘ඒ’ කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් ලබා ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2021 අප්‍රේල් 02 වන දින සමත් විය.
03 Apr 2021
ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2021 වර්ෂයේ පවත්වන ලද 11 වන ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, 2021 මාර්තු මස 20 වන දින පැවති තරගාවලියේ අවසන් දිනයේ ත්‍යාග ප්‍රධානෝත්සවය නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නරාහෙන්පිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී පැවැත්විණි.
21 Mar 2021
නාවික හමුදා වර්ණ ප්රදානෝත්සවය - 2021 උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නාවික හමුදා වර්ණ ප්රදානෝත්සවය - 2021 අද (2021 මාර්තු 09) අත්තිඩිය, ‘ඊගල්ස් ලේක්සයිඩ්’ උත්සව ශාලාවේදී නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
09 Mar 2021
Bart’s Bash Sailing Regatta - 2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

සිලෝන් මෝටර් යොට් සමාජය මගින් (Ceylon Moter Yacht Club) සංවිධානය කරන ලද Bart’s Bash Sailing Regatta – 2020 රුවල් ඔරු තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 13 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය මගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය.
18 Sep 2020