සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් දිවයිනෙන් පිටත්වෙයි

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා 2026 අප්‍රේල් මස 12 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින්, එම නෞකාවන් 2026 අප්‍රේල් මස 13 වැනි දින දිවයිනෙන් පිටත් විය. ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

මෙම සුහද සංචාරයේදි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් NIAMAT SAEED KHAN, ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් NADIR MATEEN AFRIDI සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර අතර නිල හමුවන් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

තවද, ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක (Bilateral Naval Exercise LION STAR V) නිරත වූ අතර, කළාපීය නාවික හමුදා සමඟ හුවමාරු කරගනු ලබන නව දැනුම, කුසලතා සහ අත්දැකීම් තුලින් වර්ධනය වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය, මඟින් ඉන්දීය සාගර කළාපයයේ නව ප්‍රවණතා සහ අභියෝග සඳහා සාර්ථකව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මහඟු පිටිවහලක් ගෙනදෙනු ඇත.