එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තු නියෝජිතයන් පිරිසක් නාවික හමුදා CBRN ඒකකයන්හී නිල සංචාරයක
එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්‍ෂක පරිපාලන කාර්යාලයෙහී නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ (CBRN) ඒකකයන් ඇතුළුව විශේෂ යාත්‍රා බලඝන මූලස්ථනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. 2026 මාර්තු මස 27 සිට 30 වන දින දක්වා පැවති මෙම වැඩසටහන අතරතුරදී ඔවුන් විසින් පරිත්‍යාග කරන ලද න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ උපකරණයන්හී ක්‍රියාකාරිත්වය සම්බන්ධවද නිරීක්‍ෂණය කෙරිණි.
එහිදී, නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලි හා න්‍යෂ්ටික උපද්‍රව සඳහා ප්‍රතිචාර දැක්වීමේ (CBRN) ඒකකයන්, අත්කරගෙන ඇති මෙහෙයුම් ප්‍රගතිය පිළිබඳව එක්සත් ජනපද නියෝජිත පිරිස සිය ප්‍රසාදය පළ කරන ලද අතර, එම ඒකකයන් භාර නිලධාරින් ඇතුළු නාවිකයින් පිරිසක්ද මෙම චාරිකාවන් සඳහා සහභාගි වී සිටියහ.
තවද, එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලයෙහි නියෝජිතයින් පිරිස, බටහිර නාවික පෙදස භාර ආඥාපති සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු අතර නිල හමුවන්ද සිදු කෙරිණි.








