නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු, තාක්‍ෂණික සහ කෘෂි පීඨයන්ගේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර පරිශ්‍රයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) සිසු අයිතියට පත්කිරීම 2026 මැයි මස 11 වැනි දින සිදු කෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, යාපනය විශ්වවිද්‍යාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකෙරෙණු මෙම ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකත් (02) ඇතුළුව, නාවික හමුදාව විසින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන එක්දහස් එකසිය පනස් පහක (1155) ප්‍රමාණයක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.

ඒ අනුව, මෙලෙස සිසු අයිතියට පත්කරන ලද මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙක (02) මඟින්, යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු, තාක්‍ෂණික සහ කෘෂි පීඨයන්ගේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.