නව නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජයගුණරත්න මහතාගේ මගපෙන්වීම මත ජාතීන් අතර එකමුතු බව හා සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් දමිළ හා මුස්ලිම් ජනයා උදෙසා ප්‍රජා සත්කාරක වැඩසටහන් කිහිපයක් පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංවිධානය කෙරිණි.