ආරක්ෂක ලේකම් නාගදීපයේ සංචාරයක නිරත වේ

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර ඓතිහාසික නාගදීප රජ මහා විහාරය ජූලි මස 19 වන දින වැඳ පුදා ගත්තේය. එහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඔහු උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර,  එම අවස්ථාවට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ත්‍රිශාන්ත ද සිල්වා මහතා, උතුරු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද එක්විය.

නාගදීප විහාරාදීපති අති පූජ්‍ය. නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ආරක්ෂක ලේකම්වරයා නාගපූසානි අම්මාන් කෝවිල ද වැඳ පුදා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා‍ව මෙම ඓතිහාසික දූපත ආරක්ෂා කරමින් එහි වෙසන බහු ජාතික බහු ආගමික සිවිල් ජනතාවගේ සාමකාමී ජනජීවිතය පවත්වාගෙන යාමට සහය වේ.