වැදගත් සිදුවීම්
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ ජාතික අවශ්‍යතාවයට දායක වූ නාවිකයින් හට නාවික හමුදාපති විසින් ප්රශංසාත්මක ලිපි ප්‍රධානය කෙරේ
පසුගිය සති දෙකක කාලය තුළ දී මන්නාරම මුහුදු සීමාවෙන් මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ නීති විරෝධී කේරළ ගංජා විශාල තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ නාවික පුද්ගලයින් හට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ප්රශංසාත්මක ලිපි ප්‍රධානය කිරීම පූනෑව නාවික හමුදා කඳවුරේදී අද (ජූලි 19) දින සිදු විය. නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරතවූ අවස්ථාවේ දී මෙම ප්රශංසාත්මක ලිපි ප්‍රධානය සිදු කෙරිණි.
20 Jul 2015
ආරක්ෂක ලේකම් නාගදීපයේ සංචාරයක නිරත වේ
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බීඑම්යූඩී බස්නායක මහතා උතුරු ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර ඓතිහාසික නාගදීප රජ මහා විහාරය ජූලි මස 19 වන දින වැඳ පුදා ගත්තේය.
20 Jul 2015