ඉඳුරාම බඳවාගත් නාවික නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යති

2015 පළමු බඳවා ගැනීමට අයත් ඉඳුරාම බඳවාගත් නිලධාරීන් 20 දෙනෙකු ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අද දින (ජූලි 24) විසිර ගියහ. නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. එම අවස්ථාවට නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න, විධානයේ ජ්‍යේෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම විසිර ගිය නිලධාරීන්ගේ දෙමාපියන් ද එක් විය.

නාවික හමුදාවටම සුවිශේෂී වූ ගොඩබිම සහ මුහුදේ සිදුකරන සයමසක පුහුණුව නිමාකරමින් අද දින පැවැත්වූ මෙම විසිර යාමේ පෙළපාලිය නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්තනයන්ගෙන් හා නාවික හමුදා සංගීතයෙන් වර්ණවත් විය.

බඳවා ගැනීමේ දක්ෂතම නිලධාරියා වශයෙන් තේරී පත්වුණු ලුතිනන් පුනිතකුමාර් ගෞතමන් හට, ග්‍රන්ථ මිළදී ගැනීම සඳහා වූ මූල්‍යමය ත්‍යාගයක් පිරිනැමීම සන්ධ්‍යාවේ පැවති විශේෂ උත්සවයකදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපතිතුමන් අතින් සිදු කෙරිණි. ලුතිනන් පුනිතකුමාර් ත්‍රිකුණාමළය ඕර්ස් හිල් විවේකානන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකි.