බෝවන රෝගීන් සඳහා නව වාට්ටුවක් උතුරු මැද නාවික විධානයේ ස්ථාපිත කෙරේ

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අලුතින් ඉදිකරන ලද බෝවන රෝගීන් සඳහා වන වාට්ටුව උතුරු මැද නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් 2015 ජූලි මස 27 වන දින විවෘත කරන ලදී.

උතුරු මැද විධාන නාවික රෝහලට ඉතාමත් අවශ්‍යතාවයක් ව පැවති මෙම වාට්ටුව එකවර රෝගීන් 26 කට පමණ නේවාසිකව ප්‍රථිකාර ලබා ගත හැකි පරිදි ඉදිකර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් අභය ද සිල්වා ඇතුළු උතුරු මැද නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයින් රැසක්ද එක්විය.