ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී  ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් ඊබ්‍රහිම් රෝහනී මහතා අද දින (ජූලි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී නව පත්වීම් ලද නාවික හමුදාධිපතිතුමන් හට සිය සුභ පැතුම් එක් කළ කර්නල් රෝහනී මහතා අන්න්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත විය.

මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළින හුවමාරුවක් ද සිදුවිය.