නාවික හමුදාධිපති ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා ගනී

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නව නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසු ජූලි මස 27 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය. මෙම අවස්ථාවට උතුරු මැද නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්විය.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමට ප්‍රථම, අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන් හමුවූ නාවික හමුදාධිපතිතුමන් උන්වහන්සේගෙන් ආශිර්වාද හා අනුශාසනා ලබාගත්තේය. අනතුරුව නාවික හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදාගත් අතර, එහිදී රුවන්වැලි මහා සෑයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ද ආශිර්වාද ලබාගත්තේය.