2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ ˝කුසලාන ශූරතාවය˝ නාවික හමුදාව දිනාගනී


කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ (09) පැවති 2015 ඩයලොග් සත් සාමාජික අන්තර් සමාජ රගර් තරඟාවලියේ දෙවන අදියරේ අවසන් තරඟයේදී යුද හමුදා ˝ඩ්‍රැගන්ස්˝ කණ්ඩායම පරාජය කරමින් ˝කුසලාන ශූරතාවය˝ දිනාගැනීමට නාවික හමුදා රග්බි ˝සී හෝසස්˝ කණ්ඩායම සමත්විය. මෙහිදී උත්සාහක දිනුම් 06ක් හා ප්‍රවර්තන දිනුම් 03ක් වාර්තා කරමින් 36 ට 0ක් වශයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නාවික හමුදා ˝සී හෝසස්˝ කණ්ඩායමට හැකිවිය.

මෙහිදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ බල සෙබළ පද්ම කුමාර තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති කොමදෝරු උදය හෙට්ටිආරච්චි හා භාණ්ඩාගාරික කොමාණ්ඩර් සංජීව කරුණාරත්න යන මහත්වරුන් ද සහභාගී විය.