ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ, ඇමරිකානු සහ රුසියානු ආරක්ෂක උපදේශකයින් නාවික හමුදාපතිතුමන් හමුවේ


ශ්‍රී ලංකා බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස් අස්ලම් පර්වෙස් මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් රෝස් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් දිමිත්‍රි ඒ මිකාලොව්ස්කි මහතා අද දින (10) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

මෙහිදී ආරක්ෂක උපදේශකයින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද ලෙස සාකච්ජා කළ අතර, නව පත්වීම පිළිබඳ නාවික හමුදාපතිවරයා හට සුභපැතුම් ද එක් කරන ලදී. ඉදිරියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් හා ආරක්ෂක උපදේශකයින් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.