නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවන් අද (14) අළුයම ත්‍රිකුණාමලය කොනේෂ්වරම් මුහුදු ප්‍රදේශයේ හැඹිලි දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 17 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඔවුන් ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක් සහ හැඹිලි දැල් 02 ක්ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් හා භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාර දී ඇත