ශ්‍රී ලංකාවේ ජපන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා අද දින (19) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

එහිදී නව පත්වීම් ලද නාවික හමුදාධිපතිතුමන් හට සිය සුභ පැතුම් එක් කළ කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් මෙන්ම දෙරටේ නාවික හමුදා අතර තිබෙන සහයෝගීතාවය සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් හා සුහද කථාබහක නිරත විය.

මෙම නිල හමුව සනිටුහන් කරමින් කපිතාන් මොටොට්සුගු ශිගෙකාවා මහතා හා නාවික හමුදාධිපතිතුමන් අතර සමරු තිළින හුවමාරුවක් ද සිදුවිය.